Showing posts with label sinhala. Show all posts
Showing posts with label sinhala. Show all posts

Tuesday, April 27, 2010

සිංහලෙන් බ්ලොග් ලිවීමේ කලාව

සුභ දවසක් වේවා!
ටික දවසකට පස්සෙ නිදහස් වෙලාවක් හම්බ උන හින්ද නැවත බ්ලොග් එකේ මොනව හ‍රි ලියන්න හිතුනා. අද වෙනසකට තියෙන්නෙ සිංහලෙන් ලියන එක. ඉතින් ඔයගොල්ලො බලනවා ඇති මොකද මේකට වෙලා තියෙන්න්නෙ කියල. අපි ඉතින් සිංහල කොල්ලොනෙ න‍රකද අපිත් සිංහලෙන් ලිව්වොත්.
අද ලියන්න හ‍රියටම මාතෘකවක් නැතත් විශේෂ දෙයක් වෙන බවනම් ඔයගොල්ලන්ට කියන්නම ඕනෙ. ඒක OpenOffice සිංහල ව්‍යපෘතියේ අලුත් පියව‍රක්.

ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.

මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි. ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක. හැකි ඉක්මනින් ඔබත් ඔබේ සහයෝගය ලබා දෙන්න. (අඩුම ත‍රමින් වතුර බාල්දියකින් වත්).
වැඩි විස්තර සදහා බලන්න.
නැවත හමුවෙමු.
ස්තුතියි.