ලංකා ඉතිහාසයේ පළමුවරට සිදු වූ මෙම පරිවර්තන මැරතන් තරඟය හේතු කීපකින්ම අපට වැදගත් වේ. එනම් ලංකාවේ ඉතා විශාල පිරිසක් එකට එක්ව වැඩ කල පළමු පරිවර්තන ව්‍යපෘතිය වීමද, පැය 27ක් තුල වචන 46406 වැනි විශාල ප්‍රමාණයක් පරිවර්තනය කිරීමත්ය. අනෙක් විශේෂම කරුණ වන්නේ තව දුරටත් ඉදිරියට එය කරගෙන යාහැකිවීයි.
එසේම මෙය මාහටද ඉතා වැදගත් වේ. එනම් මා මුලින්ම සහභාගී වු පරිවතන තරගය වීමයි. එමෙන්ම IRC නාලිකාව හරහා විවිධ පිරිස් හදුනා ගනිමින් සැබැ ප්‍රජා දායකත්වයක් දැක් වීමට හැකිවීමද මා ලද භාග්‍යයකි.
තවද ඔබ සියලු දෙනා දැක්වු සහයෝගයද ඉතාමත් අනර්ඝයි! ඉතින් ඉතා කෙටි කලක් තුළ සංවිධානය වූ මෙම වැඩසටහන මෙපමණ සාර්ථක කරගැනීමට සහය දුන් ඔබට බොහොම ස්තුතියි.
නැවත හමුවෙමු.
Showing posts with label openoffice. Show all posts
Showing posts with label openoffice. Show all posts
Thursday, April 29, 2010
Tuesday, April 27, 2010
සිංහලෙන් බ්ලොග් ලිවීමේ කලාව
![]() | ![]() |
ටික දවසකට පස්සෙ නිදහස් වෙලාවක් හම්බ උන හින්ද නැවත බ්ලොග් එකේ මොනව හරි ලියන්න හිතුනා. අද වෙනසකට තියෙන්නෙ සිංහලෙන් ලියන එක. ඉතින් ඔයගොල්ලො බලනවා ඇති මොකද මේකට වෙලා තියෙන්න්නෙ කියල. අපි ඉතින් සිංහල කොල්ලොනෙ නරකද අපිත් සිංහලෙන් ලිව්වොත්.
අද ලියන්න හරියටම මාතෘකවක් නැතත් විශේෂ දෙයක් වෙන බවනම් ඔයගොල්ලන්ට කියන්නම ඕනෙ. ඒක OpenOffice සිංහල ව්‍යපෘතියේ අලුත් පියවරක්.

ශ්‍රී ලාංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ.

මෙහි අරමුණ වන්නේ දැනට පරිවර්තන කටයුතු අවසන් වූ Openoffice.org සිංහල නිකුතුවට අදාල උදව් පිටු සිංහලින් සකස් කිරීමයි. ඔබට කැමති නම් තනිව හෝ කණ්ඩායමක් ලෙස තරඟ කළ හැක. හැකි ඉක්මනින් ඔබත් ඔබේ සහයෝගය ලබා දෙන්න. (අඩුම තරමින් වතුර බාල්දියකින් වත්).
වැඩි විස්තර සදහා බලන්න.
නැවත හමුවෙමු.
ස්තුතියි.
Subscribe to:
Posts (Atom)


