ලංකා ඉතිහාසයේ පළමුවරට සිදු වූ මෙම පරිවර්තන මැරතන් තරඟය හේතු කීපකින්ම අපට වැදගත් වේ. එනම් ලංකාවේ ඉතා විශාල පිරිසක් එකට එක්ව වැඩ කල පළමු පරිවර්තන ව්‍යපෘතිය වීමද, පැය 27ක් තුල වචන 46406 වැනි විශාල ප්‍රමාණයක් පරිවර්තනය කිරීමත්ය. අනෙක් විශේෂම කරුණ වන්නේ තව දුරටත් ඉදිරියට එය කරගෙන යාහැකිවීයි.
එසේම මෙය මාහටද ඉතා වැදගත් වේ. එනම් මා මුලින්ම සහභාගී වු පරිවතන තරගය වීමයි. එමෙන්ම IRC නාලිකාව හරහා විවිධ පිරිස් හදුනා ගනිමින් සැබැ ප්‍රජා දායකත්වයක් දැක් වීමට හැකිවීමද මා ලද භාග්‍යයකි.
තවද ඔබ සියලු දෙනා දැක්වු සහයෝගයද ඉතාමත් අනර්ඝයි! ඉතින් ඉතා කෙටි කලක් තුළ සංවිධානය වූ මෙම වැඩසටහන මෙපමණ සාර්ථක කරගැනීමට සහය දුන් ඔබට බොහොම ස්තුතියි.
නැවත හමුවෙමු.
Showing posts with label FOSS. Show all posts
Showing posts with label FOSS. Show all posts
Thursday, April 29, 2010
Subscribe to:
Posts (Atom)
